අප සූදානම් වන්නේ අපගේ දේශය වෙනුවෙන් ගැඹුරු මනස්ස්ථාපනයක යෙදීමටය. එය දින 40කි. මෙම මනස්ස්ථාපනය සඳහා දෙවිඳාණෝ අපව යොමු කරන දේව වචනය
2 වංශාවලිය 7:14
”මාගේ නාමය දරණ මාගේ සෙනඟ බැගෑපත් වී, යාච්ඤා කර, මා සොයා තමන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ග යේ සිට එය අසා, ඔවුන්ගේ පව් කමා කොට, ඔවුන්ගේ දේශයට සෙත සලසන්නෙමි.”
මෙය අපට ලැබී ඇති ආදරනීය ජීවනදායක වචනයකි.
* මේ වචනය අපට ද කෙරෙන අවවාදයකි.
* දෙවියන් වහන්සේ අපගෙන් ඉල්ලන්නේ කුමක් ද?
(අ) බැගෑපත්වන ලෙස
(ආ) යාච්ඤා කරන ලෙස. රට වෙනුවෙන් දෙවිඳුන් ඉදිරියේ මැදිහත් වන ලෙස.
(ඇ) දෙවියන් වහන්සේවම සොයන ලෙස.
(ඈ) නපුරු මාර්ග අත්හරින ලෙසත් ය. (මනස්ස්ථාපනය වන ලෙසත්ය)
* මෙම ඉල්ලීම ඉෂ්ඨ කරන්නන් හට ඔවුන් වහන්සේ විශාල
පොරොන්දුවක් දෙන සේක. එනම්,
(අ) අපගේ යාච්ඤාවට සවන් දෙන බව
(ආ) අපගේ පව් කමා කරන බව.
(ඇ) දේශයට සෙත සලසන බවත් ය.
අපගේ දේශයට සුභ ප්රාර්ථනා කරන සෑම කි්රස්තියානි කාරයෙකුටම, කතෝලිකයෙකුටම, මෙම මනස්ස්ථාපන දින 40ට අප හා එක්වන මෙන් ගෞරවාදරයෙන් ඇරැුයුම් කරමු.